Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංගක්කාර ලකුණු 1000 අබියස

සංගක්කාර ලකුණු 1000 අබියස

ශනුක අරවින්ද - 2013 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 15 Comment
A A A


ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාර මෙම වසර (2013) තුළ එක්දින ලකුණු 1000 ක් රැස්කළ පස්වැනි ක‍්‍රීඩකයා බවට පත්වීමට තවත් ලකුණු 38 ක් පමණක් පසු පසින් සිටියි. නවසීලන්ත පිලට එරෙහිව ඊයේ රැස්කළ ලකුණු 79 ත් සමග සංගක්කාර මේ වසර තුළදී ලකුණු 962 ක් රැස්කර තිබේ.

සංගක්කාර මේ වසර තුළදී තරග 18 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතක් සමගින් සාමාන්‍ය 74 ක් රදවා ගනිමින් මෙම ලකුණු 962 ක රැස්කර තිබේ.

මිස්බා උල් හක් (තරග 25 කදී 1101), ජෝජ් බේලි (තරග 22 කදී 1098), රෝහිත් ශර්මා (තරග 22 කදී 1071), විරාට් කෝලි (තරග 28 කදී 1033) සහ ශිකර් දාවන් (තරග 20 කදී 991) සංගක්කාරට ඉදිරියෙන් සිටිති.

තිලකරත්න ඩිල්ෂාන් මේ වසරේ තරග 18 කදී ශතක තුනක් සහ අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 870 ක් රැස්කර තිබේ.

වමත් පිතිකරු 36 හැවිරිදි සංගක්කාර මේ වන විට එක්දින තරග 355 කදී ලකුණු 11,877 ක් රැස්කර තිබේ.

 


අදහස් (15)

සංගක්කාර ලකුණු 1000 අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.