Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංගක්කාර තවත් සම්මානයක් අබියස

සංගක්කාර තවත් සම්මානයක් අබියස

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.  මෙම සම්මානය සඳහා හිමිකරුවා තෝරාගනු ලබන්නේ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡන්දයෙනි.

මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී තරග 10 කට සහභාගි වූ සංගක්කාර ඉනිම් 16 කදී ලකුණු 1491 ක් රැස්කළේය.

එහිදී ශතක 8 ක් රැස්කිරීමටද මේ වන විට 39 වැනි වියේ පසුවන සංගක්කාර සමත් විය. මෙම තරගාවලියෙන් අනතුරුව තමා පළමු පෙළ තරගවලින් සමුගන්නා බව පැවසූ සංගක්කාර, සහභාගි වූ අවසන් තරග කිහිපයේදී ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන ඉනිම කිහිපයක් ප්‍රදර්ශනය කළේය.

ඉකුත් සති අන්තයේදී පැවැති සරේ ප්‍රාන්ත ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදී සරේ ක්‍රීඩා සමාජයේ යාව ජීව සාමාජිකත්වය හිමිකරගත් සංගක්කාර, එහිදී ඉතාමත් සංවේදී කතාවකින් සිය සමුගැනීම ප්‍රකාශ කළේය.

සංගක්කාරට අමතරව එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ජිමී පෝටර්, ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමේ කොලින් ඉන්ග්‍රම් සහ නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ සමිත් පටේල්ද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටිති.

 

-  036

 


අදහස් (0)

සංගක්කාර තවත් සම්මානයක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.