Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂෝටෝකාන් කාරටේ ශූරතාවලිය 14දා

ෂෝටෝකාන් කාරටේ ශූරතාවලිය 14දා

ශනුක අරවින්ද - 2015 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂෝටෝකාන් කරාටේ දෝ සම්මේලනය සංවිධානය කරන 8 වැනි ෂෝටෝකාන් කාරටේ ජාතික ශූරතාවලිය මේ මස 14 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ජපානයට අනුබද්ධ ෂෝටෝකාන් කරාටේ ශෛලීන්ට අයත් සංගම් 30 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 600 කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගවලියට සහභාගී වීමට නියමිතය.

අවුරුදු 8/9, 10 න් පහළ, 11 න් පහළ, 12 න් පහළ, 13 න් පහළ, 14/15, 16/17, 21 න් පහළ, 21 න් ඉහළ වයස් කාණ්ඩ යටතේ මෙම තරගාවලියේදී තරග පැවැත්වේ.

එම වයස් කාණ්ඩ වලින් 14/15, 16/17, 21 න් පහළ, 21 න් ඉහළ වයස් කාණ්ඩ වල කළු පටි තරග ඉසව්වේ දක්ෂතම ක‍්‍රීඩකයා සහ කී‍්‍රඩිකාව තෝරාගනු ලබන අතර ඊට අමතරව සෑම වයස් කාණ්ඩයකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පදක්කම් සහ සහතික පත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

තරගාවලියේ ආරාධිත අමුත්තන් ලෙස කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ ශ‍්‍රි ලංකාවේ ජපන් තානාපතිවරයා සහභාගී වීමට නියමිතය.

තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු 071-8015750 යන දුරකථන අංකය ඔස්සේ ෂෝටෝකාන් කරාටේ දෝ සම්මේලනයේ ලේකම් ලලිත් නානායක්කාර මහතා ඇමතීමෙන් දැනගත හැකිය.

 


අදහස් (0)

ෂෝටෝකාන් කාරටේ ශූරතාවලිය 14දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.