(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ කුරුණැගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පානදුර ක්‍රීඩා සමාජය අද (25 වැනිදා) සමත් විය.
තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කුරුණෑගල යොවුන් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 114 ක් ලබා සිටියේය. එහිදී ගයාන් වීරසිංහ හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක්ද, ලක්ෂාන් එදිරිසිංහ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක්ද ලබාගත්හ.
කුරුණෑගල යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 303 ට පිළිතුරු වශයෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 322 ක් රැස්කළ පානදුර කණ්ඩායම, ඉනිම අත්හිටුවමින් කුරුණෑගල යොවුන් කණ්ඩායමට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.
එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ෂෙහාන් ජයසූරිය පන්දු 136 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 100 ක් රැස්කළේය. එය ෂෙහාන්ගේ 14 වැනි පළමු පෙළ ශතකය විය. ආරම්භක පිතිකරු ඉරෝෂ් සමරසූරිය හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 96 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 303
(මනෝජ් සරත්චන්ද්‍ර 50, ලක්ෂාන් එදිරිසිංහ 76, සමීර සඳමාල් 25, චමෝද් සඳරු 75, දිනුෂ්ක මාලන් 24, ළහිරු ජයරත්න 20, අසංක මනෝජ් 77/4, මොහොමඩ් ඩිල්ෂාඩ් 59/3)
පානදුර පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 322
(ඕෂද ප්‍රනාන්දු 41, ඉරෝෂ් සමරසූරිය 96, දුෂාන් විමුක්ති 33, ෂෙහාන් ජයසූරිය නොදැවී 100, කාංචන ද ලිවේරා නොදැවී 30, චාමික එදිරිසිංහ 112/3)
කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 114
(ගයාන් මනීෂාන් 28, ගයාන් වීරසිංහ 36, ලක්ෂාන් එදිරිසිංහ 34, දුෂාන් විමුක්ති 26/2, දුෂාන් හේමන්ත 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.