බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල අද (01) සහභාගි වූ අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 3 කින් පරාජයට පත්විය.
‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ඉන්දියාව පරාජය කළ අතර බටහිර ඉන්දිය කොදෙව්, එංගලන්තය සහ බංග්ලාදේශය හමුවේ පරාජයට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පත්විය.
බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 115
(ශර්මින් අක්ටර් 18, ෂල්මන් කටුන් 22, රුමනා අහ්මඞ් 41, උදේෂිකා ප‍්‍රබෝදනී 18/2, චන්දිමා ගුණරත්න 15/2)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 112
(යශෝධා මෙන්ඩිස් 33, චමරි අතපත්තු 17, ශෂිකලා සිරිවර්ධන 31, පන්නා ගෝෂ් 18/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.