Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශෙහාන් ජෝන් කීල්ස්ට ජය ගෙනේ

ශෙහාන් ජෝන් කීල්ස්ට ජය ගෙනේ

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී සෙලාන්  බැංකු පිල පරදවා ලකුණු 77 කින් ජයගැනීමට ජෝන් කීල්ස් ඊයේ (8 වැනිදා) සමත්විය. මෙම තරගය මූවර්ස්  ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුලින්ම පන්දුවට පහර දුන් ජෝන් කීල්ස්  ඕවර 50 අවසානයේදී සියලූ දෙනා දැවී ලකුණු 231 ක් රැස් කිරීමට සමත්වූහ. දෙනුවන් රාජකරුණා (52) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.

ලකුණු 232 ක ඉලක්කයක් හඹා ගිය සෙලාන් බැංකු පිල ලකුණු 154 කට සීමා කිරිමට ලකුණු 11 කට කඩුලූ 4 ක් ලබා ගනිමින් ශෙහාන් ජයසූරිය සමත්විය.

 


ජෝන් කීල්ස්  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 231
(දෙනුවන් රාජකරුණා 52, ඉෂාන් ජයරත්න 45, හර්ෂ විතාන 24/3, ගයාන් සිරිසෝම 43/2, චරිත් ජයම්පති 59/2)

සෙලාන් බැංකුව  ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 154
(චානක විජේසිංහ 36, ඉයන් ඩැනියල් 31, ශෙහාන් ජයසූරිය 11/4, කනිශ්ක ඇල්විටිගල 32/2)

 


අදහස් (0)

ශෙහාන් ජෝන් කීල්ස්ට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.