Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශූරයා රවිඳු : ශූරිය මිහිලියා

ශූරයා රවිඳු : ශූරිය මිහිලියා

Nisanka Sandeepani - 2017 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රි ලංකා ගුවන් හමුදාව 12 වැනි වරට සංවිධානය කළ විවෘත ස්කොෂ් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට රවිඳු ලක්සිරිද, කාන්තා ශූරතාව දිනාගැනීමට මිහිලියා මෙත්සරණිද සමත් වූහ. 

රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකිර්ණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 කට අධික පිරිසක් සහභාගි වූහ. 

අවසන් මහ තරගයේදී ශමිල් වකීල් පරාජය කරමින් රවිඳු ලක්සිරි පිරිමි ශූරතාවට හිමිකම් කී අතර මිහිලියා මෙත්සරණි කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී ෆතූම් ඉසඩීන් පරාජය කරමිනි. ගිහාන් සුවාරිස් පිරිමි අංශයේ තෙවැනි ස්ථානයත්, කසුනි ගුණවර්ධන කාන්තා අංශයේ තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. 

විවෘත තරගාවලියට අමතරව මෙහිදී පිරිමි සහ කාන්තා යන අංශ දෙකේම අධුනික තරකරුවන් සඳහාද තරග පැවැත්විණ. ඊට අමතරව අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා වශයෙන්ද, අවුරුදු 35 ට වැඩි සහ 45 ට වැඩි වයස් කාණ්ඩ සඳහා පිරිමි සහ කාන්තා වශයෙන්ද එහිදී තරග පැවැත්විණ. 

තරගාවලියේ සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතිකපත් සමගින් කුසලාන සහ මුදල් ත්‍යගද පිරිනැමිණ. ත්‍යග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රි ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා සහභාගි විය. 

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාෂල් සුමංගල ඩයස්, ශ්‍රි ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස යන මහත්වරුද, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරින් පිරිසක්ද එම අවස්ථාවට එක් වූහ. 

ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 

විවෘත පිරිමි - රවිඳු ලක්සිරි 
විවෘත කාන්තා - මිහිලියා මෙත්සරණි 
ආධුනික පිරිමි - සමිත් කුමාර 
ආධුනික කාන්තා - ජයකුමාරි හෙන්ස්මන් 
වයස 45 න් ඉහළ (පිරිමි) - ආර්. ඒ. රත්නායක  
වයස 35 න් ඉහළ (පිරිමි) - ඩබ්ලිව්. ඒ. අසේල 
වයස 19 පහළ (බාලක) - ශමිල් වකීල් 
වයස 19 පහළ (බාලිකා) - කසුනි ගුණවර්ධන 
වයස 17 පහළ (බාලක) - ද්‍රෘවින්ක පෙරේරා 
වයස 17 පහළ (බාලිකා) - සමීරා ඩීන් 
වයස 15 පහළ (බාලක) - ෆහීත් අස්මෝන් 
වයස 15 පහළ (බාලිකා) - දෙව්මිනි ගාල්ලගේ 
වයස 13 පහළ (බාලක) - නෙවිඳු ලකමන් 
වයස 13 පහළ (බාලිකා) - චනිත්මා සිනාලි 


අදහස් (0)

ශූරයා රවිඳු : ශූරිය මිහිලියා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.