අන්තර් පාසල් වයස 15න් පහළ තරගාවලියේ, කොටසේ අර්ධ පූර්ව අවසාන තරගයකදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පරදවා කඩුලූ 7 කින් ජය ගත් පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. මෙම තරගය අද (26 වැනිදා) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සුමංගල විද්‍යාලය කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ශා.සෙබස්තියන් විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 50 ක් අවසානයේ ශා.සෙබස්තියන් විද්‍යාලයට ලබාගත හැකිවුයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 163 ක් පමණි.
ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය සුමංගල විද්‍යාලය ඕවර 38.4 කදී කඩුලූ 3 ක් දැවී තම ඉලක්කය සපුරා ගත්තේය.
ශා.සෙබස්තියන් විදුහල ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 163
(මලින්ත පීරීස් 57, මිෂේන් සිල්වා 27, ෙඩිමියන් බසීර් 26, සංදීප කෞමාල් 27/2, නිපුන දේශාන් 38/2)
සුමංගල විදුහල ඕවර 38.4 කදී කඩුලූ 3 ක් දැවී 164
(හේෂාන් ධනුෂ්ක නොදැවී 71, නදිරු රුක්ෂාන් 40, හරිත් ලක්ෂාන් 16, පුලිත යසසිරි 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.