Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා යොවුන් පිල එක්දින තරගාවලිය ජය ගනී

ශී‍්‍ර ලංකා යොවුන් පිල එක්දින තරගාවලිය ජය ගනී

ශනුක අරවින්ද - 2014 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති අවසන් යොවුන් එක්දින ජත්‍යන්තර තරගයෙන් කඩුලූ 8 ක ජයක් වාර්තා කළ ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල, දෙරට අතර පැවැති තරග 6 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 3-1 ක් ලෙස ජයගැනීමට සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල  ඕවර 38.1 ක් අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියේය.

ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ල සඳහා පන්දු 174 කදී ලකුණු 147 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කවීන් බන්ඩාර (86) සහ අඛීල් ඉන්හාම් (නොදැවී 83) තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

එහිදී වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ අඛීල් ඉන්හාම් පන්දු 89 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 83 ක් රැස්කරමින් තරගය නිමා වන තුරුම කඩුල්ලේ රැදීසිටියේය.

පන්දු 114 කදී වාර්තා වූ කවීන් බණ්ඩාරගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියා පිල ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 203 ක් ලබාගත්තේය.

පන්දු 52 කදී ලකුණු 40 ක් රැුස්කළ ජොන්ටි පැටිසන්  ඕස්ටේ‍්‍රලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර නායක පැට්‍්‍රක් මැකීනා සහ ඉසාක් බෝයිලන් ලකුණු 37 බැගින් රැස්කළහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ සම්මු අශාන් ඕවර 10 ක් යවමින් ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.

ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල -   ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 203
(සෑම් හාපර් 20, පැට්‍්‍රක් මැකීනා 37, කයිල් ස්කි‍්‍රමෙගර් 26, ජොන්ටි පැටිසන් 40, ඉසාක් බෝයිලන් 37, සම්මු අශාන් 36/3, දමිත සිල්වා  31/2)

ශ්‍රී ලංකා 19 න් පහළ පිල -   ඕවර 38.1 කදී කඩුලූ 2 ක් දැවී 206
(කවීන් බණ්ඩාර 86, අඛීල් ඉන්හාම් නොදැවී 83, සෑම් ගි‍්‍රම්වේඞ් 53/2)

 

 

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා යොවුන් පිල එක්දින තරගාවලිය ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.