Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා පිලට දරුණු පරාජයක්

ශී‍්‍ර ලංකා පිලට දරුණු පරාජයක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ස්කොෂ් කණ්ඩායම අද (14 වැනිදා) පැවැති තරගයකදී ඉන්දියාව හමුවේ පරාජයට පත්විය.

මිහිලියා මෙත්සරණි, නඳුනි ගුණවර්ධන සහ ෆතූම් ඉසඞීන් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. ඔවුහු ඉන්දීය කී‍්‍රඩිකාවන් තිදෙනා හමුවේ තරග 3-0 ක් ලෙස පරාජයට පත්වූහ.

තමන් මුහුණදුන් තරග වලදී එක් තරග වටයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ අපොහොසත් වූහ.

ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක චීන තායිපේ, හොංකොං, කටාර්, ඉරාකය, පාකිස්තානය, සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ජපානය, පිලිපීනය සහ මැකාවෝ යන රටවල් මෙම තරගාවලියට සහභාගි වෙයි.


තරගාවලිය හෙට (15 වැනිදා) අවසන් වීමට නියමිතය.

 

ශ‍්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තරගය

  • ජොෂානා චින්නප්පා විසින් තරග වට 3-0 ක් ලෙස මිහිලියා මෙත්සරණි පරජය කරන ලදි. (11/3, 11/3, 11/7)
  • දීපිකා කාර්තික් විසින් තරග වට 3-0 ක් ලෙස ෆතූම් ඉසඞීන්  පරාජය කරන ලදි. (11/2, 11/2, 11/7)
  • සචිකා ඉන්ගලේ හෝ විසින් තරග වට 3-0 ක් ලෙ කසුනි  ගුණවර්ධන පරාජය කරන ලදි. (11/7, 11/6, 11/5)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලට දරුණු පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.