පාකිස්තානයේදී පැවැති තුන්වැනි ආසියානු කුසලාන කබඩි (පිරිමි) තරගාවලියේදී ශ්රී ලංකාව සහභාගි වු තරග හතරම පරාජය විය. ශී්ර ලංකා කණ්ඩායමට තරගාවලියේ පස්වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය.
සත්කාරක පාකිස්තානය දෙවැනි වරටත් මෙහි ශූරතාව දිනා ගත්තේ ඊයේ (6) පැවැති අවසන් මහ තරගයෙන් ඉන්දියාව ලකුණු 50-31 කින් පරාජය කරමිනි.
ශ්රී ලංකාව පළමු තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 45-18 ක පරාජයක් ලැබීය.
පාකිස්තානයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 56-23 ක පරාජයක් ලැබු ශ්රී ලංකා කණ්ඩායම, ඉරානය සහ ඇෆ්ගනිස්තානය හමුවේ පිළිවෙලින් ලකුණු 36-10 ක් සහ ලකුණු 57-25 ක් ලෙස පරාජයට පත්විය.
මෙම තරගයට ඉන්දියාව, පාකිස්තානය, ඉරානය, ඇෆ්ගනිස්තානය, නේපාලය සහ ශ්රී ලංකාව යන රටවල් හයක් සහභාගිවිය. ඇෆ්ගනිස්තානය ලකුණු 57-14 කින් පරාජය කළ නේපාලය තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
තරගාවලියේදී කණ්ඩායම් ‘සර්කල් ක්රමයට’ එනම් රවුමක් හැඩයෙන් යුත් පිටියක තරග කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.