Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝෂප් වර්ණ ප්‍රදානෝත්සවය 1 දා

ශා. ජෝෂප් වර්ණ ප්‍රදානෝත්සවය 1 දා

editorial - 2019 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ 2017 සහ 2018 වසර සඳහා වන ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය හෙට (1 වැනිදා) පෙරවරු 9.45 සිට එම විදුහලේ ආචාර්ය ගරු ස්ටැන්ලි අබේසේකර පිය සමරු ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිසුන් 275 දෙනෙකුට කුසලතා සහතිකද, සිසුන් 143 දෙනෙකුට විදුහල් වර්ණද, සිසුන් 16 දෙනෙකුට ජොසපියානු නීල වර්ණද ප්‍රදානය කිරීමට නියමිත අතර 2017 සහ 2018 වසරවලදී විවිධ ක්‍රීඩාවන් ඔස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සිසුන් 41 ක් විශේෂ ඇගයීමකට ලක්කිරීමටද විදුහලේ ක්‍රීඩා අංශය සූදානමින් සිටියි.

ෂෙශාන් කාරියවසම් (මලල ක්‍රීඩා) සහ අසේල මධුෂාන් (පාපන්දු) යන සිසුහු පිළිවෙලින් 2017 සහ 2018 වසරවල දක්ෂතම ක්‍රීඩකයන් ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබා සිටිති. 1961 වසරේදී විදුහලේ රගර් කණ්ඩායමේ නායකත්වය දැරූ කත්බර්ට් චාස්ල් මහතා මෙම වර්ණ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතය.

-036

 


අදහස් (0)

ශා. ජෝෂප් වර්ණ ප්‍රදානෝත්සවය 1 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.