Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝෂප් බාලිකාවෝ පැසිපන්දු ශූරතාව දිනති

ශා. ජෝෂප් බාලිකාවෝ පැසිපන්දු ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය සංවිධානය කළ වයස 19 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලිකා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නුගේගොඩ ශාන්ත ජෝෂප් විදුහල් කී‍්‍රඩිකාවෝ සමත්වූහ. අවසන් මහ තරගයේදී ලකුණු 46-43 ක් ලෙස බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

එහිදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් ඉමාෂා තත්සරණි 19 ක්ද, ඈන් ස්ටැෆ්නි ලකුණු 10 ක්ද රැස්කළ අතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය වෙනුවෙන් මන්තිලා ගලස්සගේ ලකුණු 12 ක් රැස්කළාය.

තරගාවලියේ අගනාම කී‍්‍රඩිකාව ලෙස ශාන්ත ජෝෂප් විදුහලේ ඉමාෂා තත්සරණි සම්මාන ලබාගත් අතර දක්ෂතම පන්දු පිරිනමන්නිය ලෙස ශාන්ත ජෝෂප් විදුහලේ ඈන් ස්ටැෆ්නිද, දක්ෂතම ආරක්ෂාකාරී කී‍්‍රඩිකාව ලෙස මන්තිලා ගලස්සගේද සම්මාන හිමිකරගත්හ.

අවසන් පූර්ව වටයේදී ලකුණු 60-57 ක් ලෙස කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය පරාජය කරමින් නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර මිලාගිරිය ශාන්ත පාවුලූ බාලිකා විදුහල ලකුණු 55-12 ක් ලෙස පරාජය කරමින් බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

මිලාගිරිය ශාන්ත පාවුලූ බාලිකා විදුහල ලකුණු 50-17 ක් ලෙස පරාජය කළ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය තෙවැනි ස්ථානය සඳහා පැවති තරගය ජය ගැනීමට සමත්විය.

කණ්ඩායම් 8 ක් සහභාගීවූ මෙම තරගාවලිය, වැල්වත්ත ශාන්ත ලෝරන්ස් විදුහල් කී‍්‍රඩාංගණයේදී සහ හැව්ලොක් පෙදෙස හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී දින 4 ක් පුරා පැවැත්විණ.


- 036


අදහස් (0)

ශා. ජෝෂප් බාලිකාවෝ පැසිපන්දු ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.