Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝශප් බාලිකාවට ටෙනිස් ශූරතා 2 ක්

ශා. ජෝශප් බාලිකාවට ටෙනිස් ශූරතා 2 ක්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කළ අන්තර් පාසල් ටෙනිස් තරගාවලයේ අවුරුදු 10 න් පහළ (කොළ පැහැති පන්දුව භාවිතා කළ) බාලක 7 න් පහළ, 8 න් පහළ සහ 10 න් පහළ යන වයස් කාණ්ඩ දිනාගැනීමට කොළඹ ආන්නද විදුහල සමත්විය. එහි බාලිකා ශූරතාව දිනාගත්තේ මීගමුව ශාන්ත ජෝශප් විදුහලයි.

තරගාවලියේදී රතු පැහැති පන්දුව, තැඹිලි පැහැති පන්දුව සහ කොළ පැහැති පන්දුව යොදාගනිමින් කාණ්ඩ 3 ක් යටතේ පිළිවෙළින් වයස 7 න් පහළ, 8 න් පහළ සහ 10 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා තරග පැවත්විණ.

අවුරුදු 8 න් පහළ (තැඹිලි පැහැති පන්දුව භාවිත කළ) වයස් කාණ්ඩයේ බාලක ශූරතාව කුරුණෑගල මලියදේව විදුහලත්, බාලිකා ශූරතාව මීගමුව නිව්ස්ටඞ් බාලිකා විදුහලත් හිමිකරගත් අතර අවුරුදු 7 න් පහළ (රතු පැහැති පන්දුව භාවිතා කළ) වයස් කාණ්ඩයේ බාලක ශූරතාව යාපනය ශාන්ත පැට්‍ක් විදුහලත්, බාලිකා ශූරතාව මීගමුව ශාන්ත ජෝශප් විදුහලත් හිමිකරගත්හ.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට යාපනය, මඩකලපුව, කළුතර, මීලමුව, බණ්ඩාරවෙල, රත්නපුර, නුවර, මාතලේ, කුරුණෑගල, නුවරඑළිය සහ කොළඹ යන ප‍්‍රදේශ වල පාසල් නියෝජයන කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 800 ක් පමණ සහභාගී  වූහ.

තරග ප‍්‍රතිඵල

අවුරුදු 10 න් පහළ (කොළ පැහැති පන්දුව)
බාලක ශූරතාව - කොළඹ ආන්නද විදුහල් කණ්ඩායම
අනුශූරතාව - කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම
බාලිකා ශූරතාව - මීගමුව ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම
අනුශූරතාව - කොළඹ කාන්තා විදුහල් කණ්ඩායම

අවුරුදු 8 න් පහළ (තැඹිලි පැහැති පන්දුව)
බාලක ශූරතාව - කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම
අනුශූරතාව - කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම
බාලිකා ශූරතාව - මීගමුව නිව්ස්ටඞ් බාලිකා විදුහල් කණ්ඩායම
අනුශූරතාව - මීගමුව ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම

අවුරුදු 7 න් පහළ (රතු පැහැති පන්දුව)
බාලක ශූරතාව - යාපනය ශාන්ත පැටි‍්‍රක් විදුහල් කණ්ඩායම
අනුශූරතාව - කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම
බාලිකා ශූරතාව - මීගමුව ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම
අනුශූරතාව - කොළඹ විශාකා විදුහල් කණ්ඩායම

කොළඹ ආනන්ද විදුහල

යාපනය ශාන්ත පැටි‍්‍රක් විදුහල


අදහස් (0)

ශා. ජෝශප් බාලිකාවට ටෙනිස් ශූරතා 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.