Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.පීතර විද්‍යාලයට ඉනිමක ජයක්

ශා.පීතර විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2019 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 53 ක ජයක් ලබාගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත පීතර විද්‍යාලයේ සංතුෂ් ගුණතිලක (103) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ශිවාන් පෙරේරා සහ කණිෂ්ක මදුවන්ත කඩුලු 5 බැගින් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා.පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 66.2 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 294
(සංතුෂ් ගුණතිලක 103, නිපුනක ෆොන්සේකා 86, භානුක ද සිල්වා, 32, දිනිත් අංජුල 29, ප්‍රභාත් මදුශංක 69/3, විශ්මිත විජේසිරි 32/2)

ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35.5 කදී සියලුදෙනා දැවී ලකුණු 146
(රවිශ්ක විජේසිංහ 45, ශාවින්ද සංකල්ප 25, සඳුනිල් සංකල්ප 25, ශිවාන් පෙරේරා 35/5, තාරික් සබූර් 42/3, සංතුෂ් ගුණතිලක 24/2)

ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41.1 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(සිතුම් දිසානායක 32, ශවින්ද ගම්ලත් 27, කණිෂ්ක මදුවන්ත 36/5, රුවින් සෙනවිරත්න 25/3, තාරික් සබූර් 03/2)


අදහස් (0)

ශා.පීතර විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.