‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය. මෙම තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ශාලින්ද සෙනෙවිරත්න පළමු ඉනිමේදී කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් සමගින් ලකුණු 136 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා.සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලුදෙනා දැවී ලකුණු 232
(නිසිත අභිලාෂ් 88, තසික පෙරේරා 38, දුනිත් ජයතුංග 37, නුවනිඳු ප්‍රනාන්දු 35, ශාලින්ද සෙනෙවිරත්න 81/6, මිරංග වික්‍රමගේ 19/2, දුනිත් වෙල්ලාලගේ 55/2)
ශා.ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 84.1 කදී සියලුදෙනා දැවී ලකුණු 320
(දිනිත් ජයකොඩි 89, ජොහාන් ද සිල්වා 80, ශෙවොන් ඩැනියල් 43, සචින්ත මහින්දසිංහ 29, නුවනිඳු ප්‍රනාන්දු 42/3, තසික් පෙරේරා 49/2)
.සෙබස්තියන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 43 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 196
(සුකිත ප්‍රසන්න නොදැවී 74, නිසිත අභිලාෂ් 26, ජනුෂ්ක පෙරේරා නොදැවී 22, ශාලින්ද සෙනෙවිරත්න 55/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.