Last Update  :  2026-03-21 20:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත මරියා විදුහල අසීරු අඩියක
කෑගලු රන් සටන

ශාන්ත මරියා විදුහල අසීරු අඩියක

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කෑගලු විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 44 වැනි ‘කෑගලු රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත මරියා විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියේය. 

ඒ අනුව ශාන්ත මරියා විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 5 ක් අතැතිව කෑගලු විද්‍යාලයට වඩා තවත් ලකුණු 70 ක් පසුපසින් සිටිති. පළමු දිනය නිමාවට පත්වන විට අෂාන් උඩවත්ත හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 15 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි නායක චානුක කහදවල ලබා සිටියේ ලකුණු 2 ක් පමණි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කෑගලු විද්‍යාලයට ගගන සඳරු ප්‍රමුඛ ශාන්ත මරියා විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 145 ක් පමණි. එහිදී සඳරු ඕවර 17 ක් යවමින් ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් අතර අෂාන් උඩවත්ත ලකුණු 09 කට කඩුලු 2 ක් බිඳහෙළීය. 

කෑගලු විද්‍යාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශෂින් ශ්‍යාමල් හතරේ පහර 6 ක් සමග ලකුණු 41 ක් රැස්කළ අතර ඔහු දැවී ගියේද ගගන සඳරුගේ පන්දුවක් හමුවේය. 

දිල්ෂාන් කාවින්ද හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද, මිගාර ගම්ලත් හතරේ පහර 4 ක් සමග ලකුණු 18 ක්ද බැගින් රැස්කළහ.  


කෑගලු විද්‍යාල පළමු ඉනිම - ඕවර 51.1 කදී සියලු දෙනා දැවී 145
(ගෞරව තේජාන් 16, ශෂින් ශ්‍යාමල් 41, දිල්ෂාන් දිසානායක 16, දිල්ෂාන් කාවින්ද 20, මිගාර ගම්ලත් 18, ගගන සඳරු 33/4, අෂාන් උඩවත්ත 09/2) 

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 5 ක් දැවී 75
(සෙනුත් වලිසිංහ 19, මතීෂ සමරසිංහ 17, අෂාන් උඩවත්ත නොදැවී 15, විහඟ සත්සර 03/2, කෞෂල්‍ය බණ්ඩාර 30/2) 


අදහස් (0)

ශාන්ත මරියා විදුහල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.