අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ අශෝක විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී තුරුවන් පෙරේරා ලකුණු 81 කට කඩුලු 10 ක්ද, සුමුදු උදාර ලකුණු 59 කට කඩුලු 7 ක්ද දවාගනිමින් ශාන්ත ජෝන් විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.
අශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 66 කදී සියලු දෙනා දැවී 160
(මෙත්සිඳු පසඳුල් 76, කුසල් ගුණවර්ධන 22, සුමුදු උදාර 21/3, තුරුවන් පෙරේරා 34/4)
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 171
(අෂාන් දිල්හාර 64, මලිත් ප්‍රනාන්දු 43, ලක්ෂින සසිඳු 30, ජනුල ඉඳුසර 48/6, උමේෂ් මධුෂාන් 24/2)
අශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 135
(සහන් විමුක්ති 51, කුසල් ගුණවර්ධන නොදැවී 22, තුරුවන් පෙරේරා 47/6, සුමුදු උදාර 38/4)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 21.2 කදී කඩුලු 5 ක් දැවී 128
(මනුප්‍රිය කරුණාරත්න නොදැවී 54, සචින් ධනංජය 29, විහඟ ෂනිල්ක 28/3, රහුල් චන්දාසේකර 58/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.