Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී සුමංගල - මොරටු රන් හටන විසඳුමක් නෑ

ශ්‍රී සුමංගල - මොරටු රන් හටන විසඳුමක් නෑ

Nisanka Sandeepani - 2018 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාගංණයේදී පැවැති 66 වැනි ‘රන් මහ හටන’ වාර්ෂික ක්‍රිකට් තරගය ඊයේ (17 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.


ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩකයෝ, තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 71 ක් ලබා සිටියහ. ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටි හර්ෂණ ප්‍රනාන්දු ලකුණු 25 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. 

පළමු ඉනිමේදී ලද ලකුණු 70 ක වාසියත් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ මොරටු මහ විදුහල කඩුලු 4 ක් දැවී ලකුණු 120 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා සුමංගල විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී මොරටු මහ විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට නිෂාන් ප්‍රනාන්දු (57) සමත් වූ අතර චමල්ක ප්‍රනාන්දු (49) අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය. 

මොරටු මහ විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී සුමංගල විදුහලට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ ලකුණු 140 ක් පමණි. එරාන් හංසමාල්, නදිත් මිෂේන්ද්‍ර සහ ප්‍රශාන් ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාගනිමින් සුමංගල පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ. 

කාසියේ වාසිය දිනූ සුමංගල විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මොරටු මහ විදුහල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට චමල්ක ප්‍රනාන්දු (97) සමත් විය. එහෙත් ශතකයට ලකුණු 3 ක් මෙපිටින් සිටියදී ඔහුගේ ඉනිම නිමා කිරීමට සුමංගල විදුහලේ පන්දු යවන්නෝ සමත් වූහ. 

මොරටු විදුහල් පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා චමල්කට අනගි සහායක් දුන් ශේහද සොයිසා ලකුණු 44 ක් රැස්කළ අතර එහිදී අනුක ජයසිංහ ලකුණු 54 ට කඩුලු 4 ක් දවාගනිමින් සුමංගල විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර විය. 

මොරටු මහ විදුහල් පළමු ඉනිම - ඕවර 84 කදී කඩුලු 9 ක් දැවී 210 
(චමල්ක ප්‍රනාන්දු 97, ශේහද සොයිසා 44, අනුක ජයසිංහ 54/4, නිපුන දේෂාන් 27/2, තරණ ද සොයිසා 36/2) 

ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 58.1 කදී සියලු දෙනා දැවී 140 
(ඉසුරු උමයංග 48, අංජන මධුවන්ත 25, එරාන් හංසමාල් 17/3, නදිත් මිෂේන්ද්‍ර 28/3, ප්‍රශාන් ප්‍රනාන්දු 33/3) 

මොරටු මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32.3 කදී කඩුලු 4 ක් දැවී 120 
(නිෂාන් ප්‍රනාන්දු 57, චමල්ක ප්‍රනාන්දු 49, හර්ෂණ ප්‍රනාන්දු 14/2) 

ශ්‍රී සුමංගල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුල්ලක් දැවී 71 
(ඉසුරු උමයංග 36, හර්ෂණ ප්‍රනාන්දු නොදැවී 25) 

 


අදහස් (0)

ශ්‍රී සුමංගල - මොරටු රන් හටන විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.