ඉන්දියාවේදී පැවැත්වෙන ‘චැලෙන්ජර්’ කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30 වැනිදා) පැවැති තරගයකදී ඉන්දීය ‘බ්ලූ’ කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පන්දු 34 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය කරා ළඟාවිය.
හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 195 කදී ලකුණු 156 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ නුවනිඳු ප්‍රනාන්දු (91) සහ නිපුන් ධනංජය (නොදැවී 65) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. පන්දු 111 කට මුහුණදුන් නුවනිඳු, හයේ පහර 2 කින් සහ හතරේ පහර 11 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 99 කදී වාර්තා වූ නිපුන් ධනංජයගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් දුන් විශ්ව චතුරංග පන්දු 28 කදී ලකුණු 27 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ‘බ්ලූ’ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඕම් බෝස්ලේ පන්දු 71 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 49 ක් ලබා අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ඉතා දුවද්දී දැවී යෑමකට හසුවිය.
ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ එම්. එස්. භාණ්ඩගේ (30) සහ ශිවම් මාවි (44) ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 47 කදී වාර්තා වූ භාණ්ඩගේගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 31 කදී වාර්තා වූ ශිවම්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ හරීන් බුද්දිල සහ හේෂාන් හෙට්ටිආරච්චි කඩුලු 2 බැගින් දවාගත් අතර හරීන් බුද්දිල දුවද්දී දවාගැනීම් 3 කටද දායකත්වය සැපයීය.
ඉන්දීය ‘බ්ලූ’ කණ්ඩායම - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 203
(මනෝජ් කල්හාර් 33, ඕම් බෝස්ලේ 49, එන්. ඒ. රාත්වා 15, එම්. එස්. භාණ්ඩගේ 30, ශිවම් මාවි 44, හේෂාන් හෙට්ටිආරච්චි 26/2, හරීන් බුද්දිල 43/2)
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම - ඕවර 44.2 කදී කඩුලු 4 ක් දැවී 204
(විශ්ව චතුරංග 27, නිපුන් ධනංජය නොදැවී 65, නුවනිඳු ප්‍රනාන්දු 91, ශවම් මාවි 40/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.