Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යොවුන් පිලට ජය

ශ්‍රී ලංකා යොවුන් පිලට ජය

ශනුක අරවින්ද - 2014 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ සංචාරක  ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල අතර කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති සීමිත  ඕවර ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ ලකුණු 27 ක ජයක් ලැබීමට සමත් වූහ.

මෙහිදී ශ්‍රී ලංකා පිලේ වනිඳු හසරංග තුන් ඉරියව් දස්කම් දැක්වමින් ලකුණු 23 කට කඩුලූ 4 ක් ද දවා ගනිමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්විය.  
මෙම තරගාවලියේ අවසන් තරගය තුන්දින තරගයක් වූ අතර එයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තෙවැනි සහ අවසන් දිනය වූ අද සීමිත  ඕවර තරගයක් පැවැත්වීය.

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල  ඕවර 40 යේදී කඩුලූ 8 ට 183
(චරිත් අසලංක 48, අවිෂ්ක ප‍්‍රනාන්දු 29, දමිත් සිල්වා 23, වනිඳු හසරංග 21, එම්. කුහෙමන් 18/3, ඊ. රිචඞ්සන් 27/2)

ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල  ඕවර 38.3 කදී සියලූ දෙනා දැවී 156
(සී. හින්ච්ලිෆී 56, එම්. රෙන්ෂව් 34, එල්. බෙකට් 21, වනිඳු හසරංග 23/4, කේෂාන් විජේරත්න 29/3, දමිත් සිල්වා 16/2)

-048

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.