Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලේ ගමන නවතී
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලේ ගමන නවතී

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අද (29 වැනිදා) පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී මැලේසියාව හමුවේ තරග 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය. මෙම පරාජයටත් සමග එම ඉසව්වෙන් ශ්‍රී ලංකාව තබා තිබූ පදක්කම් බලාපොරොත්තුවද ගිළිහී ගියේය.

මැලේසියාවට එරෙහිව පැවැති තරග වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිවෙලින් මිශ්‍ර යුගල තරගය, පිරිමි කේවල තරගය සහ කාන්තා කේවල තරගය පරාජයට පත්විය. ඒ අනුව මැලේසියාවට 3-0 ක ජයක් හිමිවූ බැවින් එම තරග වටයට අදාල පිරිමි යුගල සහ කාන්තා යුගල තරග නොපැවැත්විණ.

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව වට 3-2 ක ජයක්ද, පාකිස්තානයට එරෙහිව වට 4-1 ක ජයක්ද ලබමින් බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.


තරග ප්‍රතිඵල
මිශ්‍ර යුගල
කියාන් මෙන්ග් සහ පෙයි ජින් විසින් වට 2-0 ක් ලෙස සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා පරාජය කරන ලදහ. (21/14, 21/14)

පිරිමි කේවල
ට්සී යොං විසින් වට 2-0 ක් ලෙස නිලූක කරුණාරත්න පරාජය කරන ලදි. (21/05, 21/14)

කාන්තා කේවල   
ජින් වෙයි විසින් වට 2-0 ක් ලෙස සුහස්නි විදානගේ පරාජය කරන ලදහ. (21/09, 21/05)

 


අදහස් (0)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලේ ගමන නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.