Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලට දැවැන්ත පරාජයක්
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලට දැවැන්ත පරාජයක්

editorial - 2022 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අද (30 වැනිදා) පැවැති තරග වටයකදී ශ්‍රී ලංකාවට ‍එරෙහිව තරග 5-0 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන්දියාවට ‍එරෙහිව පැවැති තරග වටයේ පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන තරග 5 දීම වට 2-0 ක් ලෙස පරාජයට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තරග වදින මීළඟ තරග‍ය පාකිස්තානයට එරෙහිව අද  (30 වැනිදා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය. එම තරගයෙන් ජයගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට හැකි වනු ඇත.

තරග ප්‍රතිඵල

පිරිමි ‍කේවල

ලක්ෂය සෙන් විසින් වට 2-0 ක් ලෙස නිලූක කරුණාරත්න පරාජය කරන ලදි. (21/18, 21/05)

පිරිමි ‍යුගල  

චිරාග් ෂෙට්ටි සහ සුමීත් ෂෙට්ටි විසින් වට 2-0 ක් ලෙස සචින් ඩයස් සහ දුමිඳු අබේවික්‍රම පරාජය කරන ලදහ. (21/10, 21/13)

කාන්තා කේවල

ආකර්ෂි කාශ්‍යප් විසින් වට 2-0 ක් ලෙස සුහස්නි විදානගේ පරාජය කරන ලදි. (21/03, 21/09)

කාන්තා යුගල

ගයාත්‍රි ගෝපිචන්ද් සහ ට්‍රීසා ජොලී විසින් වට 2-0 ක් ලෙස තිළිණි හෙන්දහේවා සහ සුහස්නි විදානගේ පරාජය කරන ලදහ. (21/18, 21/06)

මිශ්‍ර යුගල

සත්වික්සායිරාජ් රන්කිරෙඩ්ඩි සහ අෂ්විනි පොන්නප්පා විසින් වට 2-0 ක් ලෙස සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා පරාජය කරන ලදහ. (21/14, 21/09)


අදහස් (0)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලට දැවැන්ත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.