Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුශූරතාව

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුශූරතාව

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ වියානා නුවර ඩිලා සැලේ ස්පෝර්ට් සෙන්ට්‍රම් ක්‍රීඩාංගණයේදී පැවැති තානාපති කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාල කණ්ඩායම සමත් විය. අවසන් මහ තරගයේදී පාකිස්තාන තානාපති කාර්යාල කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල කණ්ඩායමට අනු ශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. 

ඔස්ටි්‍රයාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ඔස්ටි්‍රයානු ක්‍රිකට් සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කළේය. ඊට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ පූර්ණ සාමාජික රටවල වියානාහි පිහිටි තානාපති කාර්යාලවල කණ්ඩායම් සහභාගි වූහ. 

යුරෝපා හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ සහ කලා, සංස්කෘතික, සිවිල් සේවා හා ක්‍රීඩා ෆෙඩරල් අමාත්‍යාංශයේ නියෝජිතයන්, දූත මණ්ඩල ප්‍රධානීන්, බුද්ධි මණ්ඩල, ව්‍යවසායකයන්, සංචාරක නියෝජිතවරු, බ්ලොග්කරුවන් සහ සංචාරක සඟරා, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ලේඛකයෝ තරගාවලියේ සමාප්ති උළෙලට එක් වූහ. 

ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් ඉදිරිපත් කළහ. චාන්සරි ප්‍රධානී චරිත වීරසිංහ මහතා අනු ශූර ශ්‍රී ලංකා තානාපති කාර්යාල කණ්ඩායමේ නායකයා ලෙසත්, පළමු ලේකම් ලියාකාත් අලි වොරෙයිච් මහතා පාකිස්ථාන තානාපති කාර්යාල කණ්ඩායම් නායකයා ලෙසත් කටයුතු කළහ. 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.