ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වන විට පත්ව ඇතැයි කියන මූල්‍ය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස තුනක කාලයේදී වියදම් ඉතා දැඩිලෙස සීමා කිරීමට සිදුවන බව එහි සේවකයන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක‍්‍රීඩකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක මාස තුනක වැටුප් ගෙවීම සඳහාත් එහි සේවකයන් 130 කට ආසන්න සංඛ්‍යාවකට දෙසැම්බර් මස වැටුප සහ වාර්ෂික පාරිතෝෂිකය ගෙවීම සඳහාත් මුදල් සොයාගෙන ඇත්තේ බැංකු ණය ගෙවීමේ කාලසටහන නැවත වෙනස් කිරීමෙන් පසුව බවද දැනගන්නට ඇත.
රාජ්‍ය වාණිජ බැංකුවකින් ක‍්‍රිකට් ආයතනය ලබාගත් ණය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් ලක්‍ෂ 150 කට අධික මාසික පොලි මුදලද ප‍්‍රමාද කර, එම මුදල් රදවා ගනිමින් ක‍්‍රිකට් ආයතනයේ සේවකයන්ට මෙම වසරේ ගෙවන ලද ප‍්‍රසාද දීමනාව රුපියල් ලක්‍ෂ 400 කට අධික බවද වාර්තා විය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවක වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් ලක්‍ෂ 200 කට අධික මුදලක් වැයවන බවද දැනගන්නට තිබේ.
මෙම මුල්‍ය අර්බුදයට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ රූපවාහිනී සමාගම අතර අත්සන් කරන ලද ගිවිසුමට අදාළ මුදල් තවමත් ලැබී නොතිබීමත් එම මුදල් ලැබෙන තුරු අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ඉල්ලා සිටි ණය මුදල අනුමත නොවීමත්ය.
මෙම හේතුව නිසා ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමද මේ වන විට ගැටළුවත් බවට පත්ව ඇතැයි දැන ගන්නට තිබේ. කෙසේ වෙතත් ඉන්දීය සංචාරය සඳහා ගුවන් ප‍්‍රවේශපත් දැනටමත් වෙන්කර ඇති බවත් කෙසේ හෝ ඉන්දීය සංචාරය කි‍්‍රයාත්මක කෙරෙන බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.