එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය (31 වැනිදා) නිමාවට පත්වන විට රන් පදක්කම් 31 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියේය. රිදී පදක්කම් 20 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් සමග මේ වන විට ඔවුන් ලබා සිටි මුළු පදක්කම් සංඛ්‍යාව 71 කි.
දෙවැනි දිනයේදී බර ඉසිලීමේ ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් පදක්කම් සටහනට එක්වූ ශ්‍රී ලංකාව, මේ වන විට එහි 24 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබේ. 31 වැනිදා නිමාවන විට ශ්‍රී ලංකාව 23 වැනි ස්ථානයේ සිටියේය.
රන් පදක්කම් 21 ක්, රිදී පදක්කම් 22 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනා සිටින සත්කාරක එංගලන්තය සිවුවැනි දිනය අවසානයේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියේය. එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ රන් පදක්කම් 13 ක්, රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා සිටින නවසීලන්තයයි.
කිලෝ ග්‍රෑම් 55 බර පංතිය යටතේ තරග වැදුණ ඩිලංක ඉසුරු කුමාර ශ්‍රි ලංකාවට එම ලෝකඩ පදක්කම දිනා දුන්නේය. ඉන් අනතුරුව පදක්කමක් දිනාගැනීමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක සමත් වී නැත.
-036

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.