Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවේ අක්මුල් ඉතාලිය දිනවති

ශ්‍රී ලංකාවේ අක්මුල් ඉතාලිය දිනවති

editorial - 2021 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ක්‍රීඩිකාවන් පිරිසකගෙන් සමන්විත ඉතාලියේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම රෝමයේදී පැවැති මංගල අන්තර්ජාතික විස්සයි20 තරගයේදී ඕස්ට්‍රියානු කාන්තා කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කළේය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව, පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රියානු කාන්තා කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107 ක් පමණි. ඇන්ඩ්‍රියා මායී සිපෙඩා පන්දු 60 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් රැස් කළාය. සිය ඕවර 4 තුලදී කුමුදු පෙඩ්‍රික් ලකුණු 21 කට කඩුල්ලක් දවාගත් අතර දිශානී සමරවික්‍රම ලකුණු 14 කට කඩුල්ලක් සහ සෙව්මිණි කනංකෙගේ ලකුණු 20 කට කඩුල්ලක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය ඉතාලි ක්‍රීඩිකාවෝ ඕවර 16.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ.

නායිකා කුමුදු පෙඩ්‍රික් පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 47 ක් රැස්කරමින් ඉතාලි කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියාය.

දිශානී සමරවික්‍රම පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 16 ක්ද ටේශානී අරලියා පන්දු 19 කදි හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 20 ක් රැස්කරමින් ඉතාලි කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.

වයස අවුරුදු 38 ක්‍රීඩිකාවක් වන නායිකා කුමුදු පෙඩ්‍රික් ජාත්‍යන්තර කාන්තා විස්සයි20 ඉතිහාසයේ කණ්ඩායමක් මෙහෙයවූ වයස්ගතම ක්‍රීඩිකාවන් අතර 6 වැනි ස්ථානයට පත් ක්‍රීඩිකාවයි. වයස අවුරුදු 46 යි දින 213 ක් වූ දිශානී සමරවික්‍රම ජාත්‍යන්තර කාන්තා විස්සයි20 ඉතිහාසයේ මංගල තරගයට එක්වූ වයස්ගතම ක්‍රීඩිකාවන් අතර 6 වැනි ස්ථානයට පත්විය.


ඉතාලි කාන්තා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකවෝ
කුමුදු පෙඩ්‍රික් (නායිකාව), දිශානී සමරවික්‍රම, සෙව්මිණි කනංකෙගේ, ටේශානී අරලියා, දිලයිෂා නානායක්කාර, ශැරොන් විතානගේ, ගයාත්‍රී බටගොඩ, ඩයනා සමරසිංහ, නිරෝෂණී දිමින්ගුවාරිගේ, රෂිනි අත්තිඩිය සහ සඳලි මල්වත්.

ඔස්ට්‍රියානු කාන්තා කණ්ඩායම - ඕවර 20 කදි කඩුලු 3 ක් දැවී 107
(ඇන්ඩ්‍රියා මායී සිපෙඩා 33, කුමුදු පෙඩ්‍රික් 21/1, දිශානී සමරවික්‍රම 14/1, සෙව්මිණි කනංකෙගේ 20/1)

ඉතාලි කාන්තා කණ්ඩායම - ඕවර 16.1 කදී කඩුලු 2 ක් දැවී 108
(කුමුදු පෙඩ්‍රික් නොදැවී 47, ටේශානී අරලියා නොදැවී 20, වැලන්ටිනා අව්ඩිලාජ් 09/2)

 

- 2079


අදහස් (0)

ශ්‍රී ලංකාවේ අක්මුල් ඉතාලිය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.