Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකන් ගුවන් සේවා පිලට පහසු ජයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවා පිලට පහසු ජයක්

ශනුක අරවින්ද - 2018 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 59-48 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණ 30-24 ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 29 ක් එක්කරගත්හ. කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 24 ක් පමණි.

කොළඹ ශාන්ත ජෝෂප් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 25 ක් රැස්කළ ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායමේ ඇන්ඩි ජයකොඩි සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ 39 වැනි දිනයේදී පැවැති තවත් ‘ඩී’ කාණ්ඩායේ තරගයකදී වර්තූසා කණ්ඩායම ලකුණු 62-40 ක් ලෙස පරාජය කිරීමට මාස් හෝල්ඩින්ස් ‘බී’ කණ්ඩායම සමත් විය.

‘බී’ කාණ්ඩය
■    ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම විසින් ලකුණු 59-48 ක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ඇන්ඩි ජයකොඩි (ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම) - ලකුණු 25

‘ඩී’ කාණ්ඩය
■    මාස් හෝල්ඩින්ස් ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 62-40 ක් ලෙස වර්තූසා කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - අබ්දුල් කාදිර් (මාස් හෝල්ඩින්ස් ‘බී’ කණ්ඩායම) - ලකුණු 13

 


අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සේවා පිලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.