ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ ක්‍රීඩා සංගම් බවට පත්කරමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන වරප්‍රසාද සහ පහසුකම් ලබාදීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (03) පැවැසීය.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පසුගියදා අවසන් වූ ශ්‍රව්‍යබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් පිල ඇගයීම වෙනුවෙන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
“ ශ්‍රව්‍යාබාධිත සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම්වලට ජාතික ක්‍රිකට් කණ්ඩායමට හිමි වරප්‍රසාද, පහසුකම් සහ සැලකිලි සියල්ල ලබාදෙන් අපි තීරණය කළා. එම සංගම් අද සිට ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ ආයතන ලෙස සළකනවා”
“ ශ්‍රව්‍යාබාධිත හෝ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව සම තැන ලබාදීමයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ව ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ ආයතන බවට පත්කළ යුතුව තිබුණි” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් සහ මැඳ පෙළ පිතිකරු රොෂේන් සිල්වා සහභාගි වූහ.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් පිලේ ක්රීඩකයකයන් සියලු දෙනාට සහ පුහුණුකරුවකුට ඇමරිකානු ඩොලර් 500 බැගින් ප්රදානය කළේය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ජයලත් අපෝන්සු, කණ්ඩායම් නායක ගිමඳු මැල්කම්, කළමනාකාරීණි ඉන්ද්‍රානි ආරියරත්න, ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනි අනුලා රංජනී, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්ම මහත්මීහූ සහභාගි වූහ.
දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමේ නායක ගිමදු මැල්කම්ට ත්‍යාග මුදල් පිරිනමන ලද අවස්ථාව. රොෂේන් සිල්වා ද මෙහි සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.