අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි20 කාන්තා ක‍්‍රිකට් නව ශ්‍රේණිගත කිරීමේදී පන්දු යවන්නියන් අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා උදේෂිකා ප‍්‍රබෝධනී ද, ශ්‍රී ලංකා පිලේ නායිකා ශෂිකලා සිර්වර්ධන තුන් ඉදිරියව් ක‍්‍රීඩිකාවන් අතර පළමු ස්ථානයද, හිමිකර ගෙන සිටිති.
ශ්‍රී ලංකා පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීමේ ද නවවැනි ස්ථානයේ පසු වන්නීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩිකා ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව ද මෙය වේ.
බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වීමෙන් පසුව අද (02) නව ශ්‍රේණිගත කිරීම් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ප‍්‍රකාශයට පත් කළේය.
වමතින් මද වේග පන්දු යවන උදේෂිකා ප‍්‍රසාද ලකුණු 657 ක් ලබා පන්දු යවන්නියන් අතර පළමු ස්ථානයේ සිටින අතර නවසීලන්ත ක‍්‍රීඩිකා මොර්නා නෙල්සන් ප‍්‍රසාද ලකුණු 652 ක් ලබා පන්දු යවන්නියන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නීය.
උදේෂිකා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තරග හතරකදී සාමාන්‍ය 9.40 ක් රදවා ගනිමින් කඩුලූ පහක් දවා ගැනීමට සමත් වූවාය. පන්දු යවන්නියන් අතර නවවැනි ස්ථානයේ පසු වන ශෂිකලා සිරිවර්ධන ප‍්‍රසාද ලකුණු 603 ක් හිමිකරගෙන සිටින්නීය.
ලෝක කාන්තා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල ක‍්‍රීඩිකාවන් පසු පසට ඇද දමමින් ශෂිකලා සිරිවර්ධන ප‍්‍රසාද ලකුණු 305 ක් ලබා තුන් ඉරියව් ක‍්‍රීඩිකාවන් අතර පළමු ස්ථානයේ සිටින්නීය. බංග්ලාදේශ තුන් ඉරියව් ක‍්‍රීඩිකා සල්මන් කටුන් ප‍්‍රසාද ලකුණු 291 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වන්නීය.
දකණතින් පිත්ත හසුරුවන් ශෂිකලා සිරිවර්ධන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී තුන් ඉරියව් දස්කම් දැක්වූවාය. ඕස්ටේ‍්‍රලියා ක‍්‍රීඩිකා මැග් ලලින් ප‍්‍රසාද ලකුණු 688 ක් හිමිකර ගනිමින් පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන සිටින්නීය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.