Last Update  :  2026-03-19 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝෂප් පිලෙන් සාර්ථක ආරම්භයක්

ශාන්ත ජෝෂප් පිලෙන් සාර්ථක ආරම්භයක්

editorial - 2026 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 92 වැනි ‘ශාන්තුවරුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (19 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 281 ක් ලබා සිටියේය. 

පළමු දිනය නිමාවට පත්වන විට නායක පමෝද දල්පදාදු හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර ඔහු සමග අනෙක් අන්තයේ සිටි චේතින කාවින්ද ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුණේ නැත. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ ශවිදු සිල්වා ලකුණු 58 කට කඩුලු 4 ක් දවාගත්තේය. 

කාසියේ වාසිය දිනූ ශාන්ත පීතර විදුහල් කණ්ඩායම් නායක එනෝෂ් පීටර්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජොෂප් විදුහල් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩගැනීමට යෙනුල දන්තනාරායන (84) සහ අවීෂ සමාෂ් (53) සමත් වූහ. ජනිත පණ්ඩිතරත්නගේ පන්දුවක් හමුවේ අවීෂ දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. 

අවීෂගේ දැවී යෑමෙන් අනතුරුව සෙනුජ වකුනගොඩ (88) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 134 ක් එක් කරමින් ශාන්ත ජෝෂප් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද යෙනුල සමත් විය. එහිදී යෙනුලගේ අර්ධ ශතකය හතරේ පහර 15 කින්ද, සෙනුජගේ අර්ධ ශතකය හතරේ පහර 12 කින්ද සමන්විත විය. අවීෂගේ අර්ධ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් විය. 


ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 5 ක් දැවී 281 
(යෙනුල දන්තනාරායන 84, අවීෂ සමාෂ් 53, සෙනුජ වකුනගොඩ 88, රිෂ්ම අමරසිංහ 22, පමෝද දල්පදාදු නොදැවී 20, ශවිදු සිල්වා 58/4) 


අදහස් (0)

ශාන්ත ජෝෂප් පිලෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.