Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විනිසුරුවන්ගේ සහායට කැමරා 16 ක්

විනිසුරුවන්ගේ සහායට කැමරා 16 ක්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තීරණ ඉතාමත් ඉක්මනින් ලබා දීමට ක‍්‍රීඩාංගණය තුළ කැමරා 16 ක් ස්ථානගත කර තිබෙන බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විනිසුරු කළමණාකරු, හිටපු ටෙස්ට් විනිසුරු සයිමන් ටවුෆුල් මහතා පැවසීය.

මෙහිදී විනිසුරු තීරණ හැකි ඉක්මනින් දීමේ පියවරක් ලෙස තෙවැනි විනිසුරුට තීරණයක් සදහා යොමු කළ අවස්ථාවේදී එය කෙළින්ම ‘හෝක් අයි’ තාක්‍ෂණ නිලධාරියා ලබාගෙන, අනතුරු කළමණාකරු වන සයිමන් ටවුෆුල් මහතාට යොමු කරයි. පසුව ඔහු අවශ්‍ය රූප රාමු සදහා නිෂ්පාදක වෙත යොමු කිරීමට පියවර ගනී.

මෙහිදී රූපවාහිනියට ලබා ගැනීමට පෙර කෙළින්ම ‘හෝක් අයි’ තාක්‍ෂණ නිලධාරියා ලබා ගැනීම සිදුවේ.

”අපිට හතරේ සීමාව තත්පර පහක් තුළ, නිපන්දුවක සීමා ඉර තත්පර දෙකකදී, ඒ වගේම විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය (ඞී.ආර්.එස්.) තත්පර 15 ත් 20 ත් අතර කාලයකදී ලබාදීමේ හැකියාව මේ නව තාක්‍ෂණයත් සමග ලැබෙනවා” යැයි සයිමන් ටවුෆුල් මහතා පැවසීය.

”හතරේ සීමාවේ තීරණයක් සාමාන්‍ය තෙවැනි විනිසුරුට ගිහින් නිෂ්පාදකට ලැබෙන විට තත්ත්පර 30 ක් පමණ ගතවෙනවා, මේ ක‍්‍රමයෙන් විශාල වෙනසක් තියෙනවා. මේ ක‍්‍රමයෙන් නිපන්දුවක සීමා ඉර පිළිබද තීරණය ක‍්‍රීඩකයා ක‍්‍රීඩාංගණයෙන් ඉවත් යෑමට පෙර දෙන්න පුඵවන්. සාමාන්‍යයෙන් ඒ සදහා තත්පර 30 ත් 40 ත් අතර කාලයක් ගතවෙනවා”

”මේ තාක්‍ෂණය යොදාගෙන තෙවැනි විනිසුරුට ඉතාමත් හො`ද තීරණයක්, ඉතාමත් ඉක්මනට ලබාදීමේ හැකියාව මේ වන විට ලැබී තිබෙනවා” යැයි ටවුෆුල් මහතා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

විනිසුරුවන්ගේ සහායට කැමරා 16 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.