වින්ටේජ් ක්‍රිකට් සමුළුව හෙට
ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සාමාජිකත්වය දරණ ‘වින්ටේජ් ක්‍රිකට් කවය’ සංවිධානය කරන ක්‍රිකට් සමුළුව කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේදී අද (06) පෙරවරු 9.00 ට පැවැත්වේ.
මෙහිදී හිටපු ටෙස්ට් ක්‍රීඩක සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරක රොෂාන් මහානාම, හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක මහේල ජයවර්ධන, අන්තර්ජාතික ක්‍රිකට් සභා විනිසුරු කුමාර ධර්මසේන සහ ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් යන මහත්වරු දේශන පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට 96 ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් 75 ක් පමණ සහභාගි වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.