බස්නාහිර පළාත් දැල් පන්දු සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා පාසල් සහ විවෘත දැල්පන්දු තරගාවලිය ජූලි 1 සහ 2 යන දිනවල කොළඹ ගුවන් හමුදා මූලස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේ පාසල් අංශයේ වයස් සීමා තරග සඳහා පාසල් කණ්ඩායම් 36 ක් ද (වයස අවු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ) විවෘත ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා කණ්ඩායම් 30ක් ද සහභාගීවීමට නියමිත බව බස්නාහිර පළාත් දැල් පන්දු සංගමයේ ලේකම් රියෝ රම්ලාන් මහත්මිය පවසයි.
පාසල් තරගාවලියට කොළඹ, මහනුවර, බදුල්ල, අම්බලන්ගොඩ, රත්නපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාසල් කණ්ඩායම් සහභාගී වන බව පවසන ලේකම්වරිය විවෘත තරගාවලියට (කාන්තා) යුධ හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය ඇතුළු කණ්ඩායම් සහභාගීවීමට නියමිතය.
අදාළ තරගාවලියේ තරග සටහන මෙම 27 දා ප.ව 5.00 ට කොළඹ ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවනාගාරයේදී සිදු කිරීමට විධි විධාන යොදා ඇත. “ඊවා කුසලානය” වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.