Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විවෘත මේසපන්දු තරගාවලිය 26, 27, 28 තෙදින

විවෘත මේසපන්දු තරගාවලිය 26, 27, 28 තෙදින

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත මේසපන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා දින තුනක් පුරා කෑගලූ බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

පාසල් 100 ක් සහ කී‍්‍රඩා සමාජ 20 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 700 ක් පමණ තරගාවලියට සහභාගී වීමට නියමිත යැයි ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උපසභාපති, කෑගලූ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා පවසයි.

තරගාවලියේ සමාප්ති උළෙල 28 වැනිදා පස්වරුවේ සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.  

කෑගලූ දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය තරගාවලිය සංවිධානය කරයි.

 

- 036


අදහස් (0)

විවෘත මේසපන්දු තරගාවලිය 26, 27, 28 තෙදින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.