කොළඹ රාජකීය විදුහලයීය වොලිබෝල් සංගමය සංවිධාන කළ ‘බ්ලූ ඇන්ඞ් ගෝල්ඞ්’ බස්නාහිර පළාත් වයස 19 න් පහළ ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති අවසන් මහ තරගයේදී පානදුර රාජකීය විදුහල් පිල වට 3-2 කින් සත්කාරක කොළඹ රාජකීය විදුහල පරාජය කිරීමට සමත් විය.
පානදුර රාජකීය විදුහලේ බුද්ධි නිෂාන් තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ද, කමිඳු ප‍්‍රමුදිත දක්‍ෂතම පන්දු ඔසවන්නා ලෙස ද, සම්මාන ලැබූහ.
මෙම තරගාවලියට බස්නාහිර පළාතේ ප‍්‍රබල පාසල් 20 ක් ආරාධනා ලබා තිබුණි.
ජයග‍්‍රාහි පානදුර රාජකීය විදුහල් වොලිබෝල් කණ්ඩායම, විදුහල්පති එච්. සරත්චන්ද්‍ර සිල්වා, ක‍්‍රීඩා පරිපාලක කපිතාන් ටී. ඩබ්ලිව්. මහින්දරත්න, කණ්ඩායම් බාර ආචාර්ය ටී. ඊෂණ ගුණවර්ණ ප‍්‍රනාන්දු සහ පුහුණුකරු ජැක්සන් කරුණාරත්න යන මහත්වරුන් සමග.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.