Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙද සේවා හොකී ශූරතාව හැටන් නැෂනල් පිලට

වෙළෙද සේවා හොකී ශූරතාව හැටන් නැෂනල් පිලට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිස් හත්වැනි වාර්ෂික වෙළෙද සේවා සත් සාමාජික හොකී තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායම සමත්විය. අනුශූරතාව සම්පත් බැංකු කණ්ඩායමට හිමි විය.

හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස රසික වික‍්‍රමසිංහ කටයුතු කළ අතර එහි කළමනාකරු ලෙස ඉසංක ජයසූරිය මහතා කටයුතු කළේය. අමිල පෙරේරා, තිළිණ පෙරේරා, උදේෂ් ද සිල්වා, එස්. කි‍්‍රෂාන්තන්, යොහාන් ලෙව්කේ, උපුල් ප‍්‍රනාන්දු, දමිත් බණ්ඩාර, නුවන් මහර එම කණ්ඩායම නියෝජනය කළ අනිකුත් කී‍්‍රඩකයෝ වූහ. 

තරගාවලියේ වඩාත්ම විනයගරුක කණ්ඩායම ලෙස සම්පත් බැංකු කණ්ඩායම සම්මාන හිමිකරගත් අතර හැටන් නැෂනල් බැංකු ‘ඒ’ කණ්ඩායමේ උපුල් ප‍්‍රනාන්දු දක්ෂතම කී‍්‍රඩකයා ලෙසත්, එම කණ්ඩායමේම දමිත් බණ්ඩාර වසරේ දක්ෂතම නැගීඑන කී‍්‍රඩකයා ලෙසත් සම්මාන දිනාගත්තේය.

අද (20 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැති තරගාවලිය සඳහා කණ්ඩායම් 23 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ රැසක් සහභාගීවූහ.
පී.එල්.සී. බ‍්‍රවුන් සහ සමාගමේ අනුග‍්‍රහයෙන් වෙළෙද සේවා හොකී සංගමය විසින් සංවිධානය කරනු ලැබූ තරගාවලිය ඒ, බී, සී, ඞී සහ ඊ ලෙස කාණ්ඩ 5 ක් යටතේ පැවැත්විණ.

එහි ‘බී’ කාණ්ඩයේ ශූරතාව වෙනුවෙන් පිරිනැමුන සිංගර් කුසලාන දිනාගැනීමට කොමර්ෂල් බැංකු ‘බී’ කණ්ඩායම සමත්වූ අතර එම කණ්ඩායමේ තිළිණ සඳරුවන් දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය. ‘සී’ කාණ්ඩයේ ශූරතාව වෙනුවෙන් පිරිනැමුණ ලයිෆ් බෝයි කුසලාන දිනාගැනීමට යුනිලීවර්ස් කණ්ඩායම සමත්වූ අතර එම කණ්ඩායමේ ජෙරම් ප‍්‍රනාන්දු දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන හිමිකර ගත්තේය .

‘ඞී’ කාණ්ඩයේ ශූරතාව වෙනුවෙන් පිරිනැමුණ එඞ්මන්ඞ් එච්. කුරේ කුසලාන ඒ. ඩබ්ලිව්. ඞී. කණ්ඩායම දිනාගත් අතර දක්ෂතම කී‍්‍රඩකයාට හිමිවන කුසලානය එම කණ්ඩායමේ තිළිණ මහේෂට හිමි විය.

‘ඊ’ කාණ්ඩයේ ශුරතාව වෙනුවෙන් පිරිනැමුන සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් කුසලානය ස්මිත් ලයින් බීචැම් පී.එල්.සී. කණ්ඩායම විසින් දිනාගනු ලැබීය.  
ඉහත සියලූ කාණ්ඩ වල දක්ෂතම කී‍්‍රඩකයන් බවට පත්වූයේ ඒ ඒ කාණ්ඩ වල ශූරතා දිනාගත් කණ්ඩායම් වල කී‍්‍රඩකයන් වුවත්, ‘ඊ’ කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන හිමිකරගැනීමට ජනශක්ති කණ්ඩායම නියෝජනය කළ සී.පී.ආර්. සඳරුවන් සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ශූරතාව දිනා ගත් කණ්ඩායම

අනුශූරතාව දිනා ගත් කණ්ඩායම


අදහස් (0)

වෙළෙද සේවා හොකී ශූරතාව හැටන් නැෂනල් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.