වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (13 වැනිදා) පැවැති ‘ඒ’ කොටසේ තරග හතරක් සහ ‘බී’ කොටසේ තරග තුනක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ.
ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත්, එල්.බී. ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදීත්, හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම සහ මාස් යුනිචෙලා කණ්ඩායම අතර වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදීත්, ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම සහ කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති ‘ඒ’ කොටසේ තරග මෙසේ අතහැර දැමීමට සිදුවිය.
ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම සහ පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායම අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදිත්, මොබිටෙල් ‘ඒ’ කණ්ඩායම සහ මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදිත්, සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදීත් පැවැති ‘බී’ කොටසේ තරගද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
‘ඒ’ කොටසේ තරග පහක් 16 වැනිදාත් ‘බී’ කොටසේ තරග තුනක් 17 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.