“ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්” අභියෝගතා කුසලාන සදහා පැවැත්වෙන වෙළද සේවා ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලිය මෙම මස 09 වැනිදා ආරම්භ වෙයි. වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 7 ක් තරග වැදීමට නිමිතව ඇත.
ලීග් තරගාවලියේ කණ්ඩායම් එකිනෙකා සමගින් තරග කරන අතර ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගනු ඇත. ලීග් තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 21 කි.
මේ මස 09 වැනිදා ආරම්භ වන ලීග් තරගාවලිය ඔක්තෝබර් 04 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ කරමින් පළමු අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 8 වැනිදාත් දෙවැනි අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 11 වැනිදාත් පැවැත්වෙන අතර අවසන් මහ තරගය ඔක්තෝබර් 14 වැනිදාත් පැවැත්වෙන අතර පිළිමළුන් පිටුදැකීමේ තරග වෙළද සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේ සියලුම තරග වෙළද සේවා, බී.ආර්.සී, කටුනායක නිදහස් වෙළෙඳකළාප ක්‍රීඩාංගණය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය, කෝල්ට්ස්, මූවර්ස්, පී. සරවනමුත්තු, මොරටුව ටිරොන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය සහ මග්ගොන සරේ යන ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වේ.
තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන වලට අමතරව ‘ෆෙයාර් ඇන්ඞ් ලව්ලි මෙන්’ සතියේ ක්‍රීඩකයා නමින් විශේෂ සම්මානයක් පිරිනැමීමට යුනිලිවර් සමාගම කටයුතු යොදා ඇත.
මෙම තරගාවලියට අදාළ අනුග්‍රහක චෙක්පත වෙළඳ සේවා සංගමය වෙත පිරිනැමීම පසුගියදා එම සංගම් පරිශ්‍රයේදි සිදුවූ අතර එම අවස්ථාවට සංගමයේ සභාපති නිරාන් මහවත්ත, මහ ලේකම් නලීන් වික්‍රමසිංහ, තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති සුජීව ද සිල්වා, යුනිලීවර් ෆේස් කෙයා ජ්‍යෙෂ්ඨ සන්නාම කළමණාකරු දමින්ද පෙරේරා සහ අලෙවි කළමණාකාරීනී (ස්කීන් කෙයා සහ හෙයා කෙයා) නිලූෂී ජයතිලක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
තරගාවලියට සහභාගීවන කණ්ඩායම්
ජෝන් කීල්ස් ‘බී’, පවර්ටෙක් සිමෙන්ති, මොබිටෙල් ‘ඒ’, මාස් සිලූටා ‘ඒ’, සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’, කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ සහ යුනිලීවර් ශ්‍රී ලංකා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.