Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙස්ලි විදුහලට 24 - 3 ක පහසු ජයක්
අන්තර් පාසල් රග්බි

වෙස්ලි විදුහලට 24 - 3 ක පහසු ජයක්

editorial - 2025 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ෂේන් සෙනෙවිරත්න)

අන්තර් පාඨශාලීය ලීග් රග්බි ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරඟයක් වශයෙන් නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවති කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් පිලත් වෙස්ලි විදුහලත් අතර තරගයෙන් 24-03 ක් වශයෙන් ප්‍රසාද ලකුණද සමගින් ජයවාර්තා කිරීමට වෙස්ලි විදුහල සමත්විය.

ජයග්‍රාහී වෙස්ලි විදුහල් පිල ගෝල දිනුම් 2ක් සහ උත්සහක දිනුම් 2ක් මගින් ලකුණු රැස්කළ අතර ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් දඩුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.

ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 12-03 ක් වශයෙන් වෙස්ලි ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටියහ. කෙසේ වෙතත් ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ට පළමු අර්ධයේදී සහ දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් වාර්තා කිරීමේ අවස්ථා ගණනාවක් හිමි වුවද ඔවුන්ට එය සාර්ථකව නිමා කිරීමට නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

තරග විනිසුරු ජීවක ෆොන්සේකා මහතාගේ ප්‍රථම නළා හඬින් තරඟය ආරම්භ වී 12 වැනි විනාඩියේදී වෙස්ලි පිලේ මොහොමඩ් ෆවාඩ් විසින් අන්තෝනි ලකුණු සීමාව ආක්‍රමණය කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. තරඟයේ 20 වැනි විනාඩියේ දී ප්‍රතිවාදි ක්‍රීඩකයන් තහනම් කලාපයට පැමිණීම හේතුවෙන් අන්තෝනි පිලට ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට කපිල ලක්මිණ සමත් විය. ප්‍රථම අර්ධය නිමාවීමට මොහොතක් තිබියදීවෙස්ලි පිලේකේශර රාහුල් නැවතත් ලකුණු සීමාව ආක්‍රමණය කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අබාලි සාදි සමත් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී 5 වැනි විනාඩියේදී තම ජය තවදුරටත් තහවුරු කරගනිමින් ශාන්ත අන්තෝනි ලකුණු සීමාවට කඩා වැදීමට වෙස්ලි පිලේ ප්‍රථාන රොද්‍රිගෝ සමත් විය. එහි  ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අබාලි සාදි සමත්විය.

තරඟයේ 20 වැනි විනාඩියේදී මග යන ගමන් තවත් එකක් න්‍යාය සනිටුහන් කරමින් වෙස්ලි පිලේ ඉදිරිපෙළ ක්‍රීඩක මනුග ජයවීර විසින් උත්සාහක දිනුමක් වාර්තා කළද එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

(ඡායාරූප - ශේන් සෙනෙවිරත්න)


අදහස් (0)

වෙස්ලි විදුහලට 24 - 3 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.