Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වූෂූ කී‍්‍රඩාවෙන් රන් පදක්කමක්

වූෂූ කී‍්‍රඩාවෙන් රන් පදක්කමක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ගෝව නගරයේදී පැවැත්වෙන තුන්වැනි ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගැනීමට වූෂූ කී‍්‍රඩක ප‍්‍රභාත් මනුරංග සමත් විය. මෙම රන් පදක්කමත් සමගින් ශී‍්‍ර ලංකාවේ රන් පදක්කම් සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගිය නමුත් රන් පදක්කම් 10 ක් දිනා ගැනීමට මැකාවෝ රාජ්‍යය සමත් වීම නිසා පදක්කම් පුවරුවේ ශී‍්‍ර ලංකාවේ ස්ථානය 3 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා පහළ වැටිණ.

ශී‍්‍ර ලංකාව මේ දක්වා දිනාගත් රන් පදක්කම් 5 න් හතරක්ම මලල කී‍්‍රඩාවෙන් දිනාගනු ලැබ ඇති අතර රන් පදක්කමක් හිමිවූ අනෙක් කී‍්‍රඩාව වන්නේ වූෂූ කී‍්‍රඩාවයි.

මේ දක්වා දින 10 ක් තුළදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් දිනාගන්නා ලද සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 27 කි. ඊට රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් ඇතුළත් වෙයි.

ඉන්දියාව රන් පදක්කම් 29 ක් දිනාගනිමින් ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලේදී මේ දක්වා පෙරමුණ ගෙන සිටින අතර පෘතුගාලය රන් පදක්කම් 18 ක්ද, මොසැම්බික් රාජ්‍යය රන් පදක්කම් 10 ක් ද දිනා ශී‍්‍ර ලංකාවට වඩා ඉදිරියෙන් සිටී.

 


අදහස් (0)

වූෂූ කී‍්‍රඩාවෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.