ලෝක වූෂු පුහුණුකරුවන් ශ්‍රේණිගත කිරීමේ ‘දුආන්’ ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට මෙන්ම මෙරට වූෂු ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා වැඩසටහන් රැසකට දායකත්වය ලබාදීමේ අපේක්ෂාවෙන් චීන වූෂු සම්මේලනය සහ ශ්‍රී ලංකා වූෂු සම්මේලනය අතර ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය.
ලෝක වූෂු පුහුණුකරුවන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන චීන වූෂු සම්මේලනය ඉදිරියේදී ශ්‍රී ලංකා වූෂු පුහුණුකරුවන් සදහා 1-3 වැනි ශ්‍රේණිය දක්වා ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණ පැවැත්වීමට සූදානම් වෙයි. මෙම පරීක්ෂණ පැවැත්වීම සදහා චීන වූෂු සම්මේලන නිලධාරීන් දිවයිනට පැමිණීමට නියමිතය.
නව වැනි ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන මෙම පුහුණුකරු ශ්‍රේණිගත කිරීමේ 4, 5 සහ 6 දක්වා ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන් චීනයේදී හෝ වෙනත් රටවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාවේ වූෂු පුහුණුකරුවන් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව නොමැති බවත්, ඉදිරියේදී මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවන පුහුණුකරුවන් වූෂු පුහුණුකරුවන් ලෙස පිළි නොගන්නා ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා තමන්ට දැන් වු බවත් ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ප්‍රධාන විධායක මානෙල් ධර්මකීර්ති මහතා පැවසීය.
වූෂු ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම්ලත් පුහුණුකරුවන් හදුනාගෙන ඔවුන් යටතේ පුහුණුවීමේ අවස්ථාව මෙමගින් හිමිවන බවද ධර්මකීර්ති මහතා වැඩිදුරටත් කීය.
දකුණු ආසියානු රටවල් අතරින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන පළමුරට ශ්‍රී ලංකාව වේ.
මානෙල් ධර්මකීර්ති මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සහ චීන ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ගා ඕ ෂීදාන් මහතා ඇතුළු චීන වූෂු සම්මේලන නිලධාරීහු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ.
චීනයේ වූෂු පුහුණුකරුවන්ගේ පුහුණුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබාදීම සහ වූෂු ක්‍රීඩා උපකරණ පිරිනැමීම ඇතුළු මෙරට වූෂු ක්‍රීඩාවේ දියුණුව සදහා අවශ්‍ය පහසුකම් රැසකට අනුග්‍රහය දීමට චීන වූෂු සම්මේලනයේ එකඟතාව හිමිව තිබේ.
ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ප්‍රධාන විධායක මානෙල් ධර්මකීර්ති මහතා සහ චීන වූෂු සම්මේලනයේ සභාපති ෂැං සාං චුපිංග් මහතා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.