Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වරායේ ජයට විදුලි සැර වදී

වරායේ ජයට විදුලි සැර වදී

editorial - 2025 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ගම්පහ  වතුපිටිවල ගෘහස්ථ පිටියේදී පැවැති ජාතික ශූරතා සුපර් ලීග් කුසලාන  වොලිබෝල් තරගාවලියේ පිරිමි පළමු අවසන් පූර්ව තරගය ජය ගත් වරාය අධිකාරි කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදී විදුලි බල මණ්ඩල කණ්ඩායම විරෝධතාවයක් ගොනු කර තිබේ.

ඒ තරග නීති උල්ලංඝනය වන ආකාරයට වරාය අධිකාරි කණ්ඩායමට ක්‍රීඩකයන් කීප දෙනකු ඇතුළත් කර සිටි බවට චෝදනා කරමිනි.වරාය ගිය වර තරගාවලියේත් ශූරතාව දිනා ගත් කණ්ඩායමයි.

මෙම අවසන් පූර්ව තරගය වට 3 - 2 ක් ලෙස තියුණු සටනකින් පසුව අවසන් තරගයට පිවිසෙමින් ජය ගැනීමට වරාය ක්‍රීඩකයෝ සමත් වූහ. තරගාවලියේ නව නීති මාලාවට අනුව කණ්ඩායමක ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් අවම එහි මාස හයක කාලයක් ගත කළ අය විය යුතුය.මෙම නියමය කඩ කරමින් වරාය කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කර ඇතැයි කියන එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් විශේෂ කමිටුවක් මගින් විමර්ෂණයක් සිදු කිරීමට නියමිතය.

කෙසේවූවත් විරෝධතාවය පිළි ගැනීමට සිදු වන්නේ නම් එය ප්‍රසාද ලකුණු මත පදනම් වන ලීග් තරගාවලියක් වන බැවින් එහි සමස්ත ප්‍රතිපලයටම  බලපෑමක් කෙරෙන සංකීර්ණ තත්වයක් පැන නැගීමට ඉඩ ඇතැයිද වාර්තාවේ.

පිරිමි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් වට දෙකක් පිට පිටම පරාජයවී තිබියදී සෙසු වට තුනම ගුවන් හමුදාවට එරෙහිව ජය ගත් යුද හමුදා කණ්ඩායම ජනවාරි 27 වැනිදා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති එහි අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගත්තේය.

මේ අතර එහිදීම මෙවර සුපර් ලීග් වොලිබෝල් කාන්තා තරගාවලියේ මූලික වටය හා අවසන් පූර්ව තරග වටය පැවැත්විණි. එහිදී ගිය වරත් කාන්තා ශූරතාව දිනූ ගුවන් හමුදා කණ්ඩායම හා හයිඩ්‍රාමනී කණ්ඩායම එහි අවසන් මහ තරගයට නිර්දේශ තහවුරු කර ගත්තේය.

වෙෙළද සේවා වොලිබෝල් ක්ෂේත්‍රයෙන් පැමිණි කණ්ඩායමක් සුපර් ලීග් කාන්තා අවසන් තරගයකට නිර්දේශ ලබන්නේ වසර 2017 න් පසුවය.

මෙවර සුපර් ලිග් වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථාන තේරීමේ තරග සදහා මෙතෙක් දින යොදා ගෙන නැත.එය ටොරිංටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ.

සිලෝන් බිස්කට් සමාගම මංචි සන්නාමය යටතේ මෙවරත් තරගාවලියට අනුග්‍රහය දක්වයි.

 

අවසන් පූර්ව තරග ප්‍රතිපල

පිරිමි:  * වරාය අධිකාරි කණ්ඩායම විසින් 3 - 2 කට විදුලි බල කණ්ඩායම පරාජය කරන ලදී (25/21 - 21/25 -26/24 - 18/25 -15/12)

* යුද හමුදා කණ්ඩායම විසින් ගුවන් හමුදා කණ්ඩායම වට 3 - 2 කට පරාජය කරන ලදී.(25/27 -21/25 -25/16 -27/25 -15/13)

කාන්තා: *ගුවන් හමුදා කණ්ඩායම විසින් වට 3 - 0 කට  නාවික හමුදා කණ්ඩායම පරාජය කරන ලදී.(25/17 - 25/14 -25/18)

*හයිඩ්‍රාමනී කණ්ඩායම ව්සින් යුද හමුදා කණ්ඩායම වට 3 - 1කට පරාජය කරන ලදී.(23/25 - 25/21 - 25/11 - 25/18)


අදහස් (0)

වරායේ ජයට විදුලි සැර වදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.