Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයස් සීමා පිහිනුම් තරග 18 දා සිට

වයස් සීමා පිහිනුම් තරග 18 දා සිට

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කරන 42 වැනි පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලිය මේ මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

මෙහිදී වයස 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ 6 යටතේ බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම තරග පැවැත්වේ.

කේවල තරග ඉසව් 140 කින් සහ සහය තරග ඉසව් 24 කින් සමන්විත වන මෙම තරගාවලියට පාසල් 165 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 2563 ක් සහ කී‍්‍රඩිකාවන් 1625 ක් සහභාගී වීමට නියමිතය.

එම පාසල් 165 ට බස්නාහිර පළාතෙන් පාසල් 69 ක්, මධ්‍යම පළාතෙන් 25 ක්, දකුණු පළාතෙන් 20 ක්, උතුරු මැද පළාතෙන් 15 ක්, සබරගමු පළාතෙන් 14 ක්, ඌව පළාතෙන් 12 ක්, වයඹ පළාතෙන් 10 ක් ඇතුළත් වන නමුත් උතුරු පළාතෙන් සහ නැගෙනහිර පළාතෙන් එකදු පාසලක් හෝ ඊට ඇතුළත් වී නැත.

වයස 13 න් පහළ ළමුන් සඳහා තරගකාරී තරග ඉසව් පැවැත්විය නොහැකි බැවින් එම ඉසව් වලදී පරිසාධන මට්ටමට ලගාවන සහ ඊට අඩුවෙන් කාලය වාර්තා කරන ළමුන් සඳහා සහතික පත් පමණක් පිරිනැමේ. වයස 13 න් ඉහළ තරග වලදී ප‍්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට සහතික පත් සමග පදක්කම් පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටියි.  

ජ්‍යෙෂ්ඨ සහ සමස්ත ලෙස කොටස් දෙකකට අදාලව බාලක සහ බාලිකා අංශය දෙකටම මෙහිදී ශූරතාවයන් පිරිනැමෙන අතර වයස අවුරුදු 13 න් ඉහළ සියලූම වයස් කාණ්ඩ කේවල තරග වලදී බාලක සහ බාලිකා අංශ දෙකේම දක්ෂතම කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට කුසලාන ප‍්‍රදානය කෙරේ.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් වූ අතර බාලිකා ශූරතාව දිනාගැනීමට මහනුවර මහමායා විදුහල සමත් විය.

මෙහි සමාරම්භක උළෙල ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ජයන්ත ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා පෙරවරු 8.00 ට පැවැත්වෙන අතර සමාප්ති උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 21 වැනිදා පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතය.

නෙස්ලේ ලංකා සමාගම මෙම තරගාවලිය ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 

ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි

 


අදහස් (0)

වයස් සීමා පිහිනුම් තරග 18 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.