
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කෘතිම ධාවන පථය ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුවේ සභාපතිනි ශ්‍රියානි කුලවංශ මහත්මිය විසින් පසුගියදා විවෘත කරන ලදි. මීටර 104 ක දිගින් යුත් මෙම කෘතිම ධාවන පථය, ශ්‍රී ලංකාවේ පාසලක් සතු එකම කෘතිම ධාවන පථය ද වෙයි.
ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට මෙවැනි පහසුකම් ලැබීම වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාග්‍යයක් බව ධාවන පථය විවෘත කළ අවස්ථාවේදී ශ්‍රියානි කුලවංශ මහත්මිය ප්‍රකාශ කර සිටියාය.
මෙම කෘතිම ධාවන පථය 2005 වසරේදී නිර්මාණය කරන ලද්දක් වන අතර මෑතකදී චීන තාක්ෂණ ශිල්පීන්ගේ දැනුම සහ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ දායකත්වය ඇතිව එය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ප්‍රතිසංස්කරණය කරන ලදි. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 6 කට ආසන්න මුදලක් වියදම් වූ බවත්, එම මුදල එන්.සී.ජී. හෝල්ඩිංග්ස් සමාගම විසින් ආයෝජනය කරන ලද බවත් ලයිසියම් පාසලේ උසස් නිලධාරීහු කියති.
ලයිසියම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් සභාපති නිකිත ග්‍රේරු ඇතුළු ලයිසියම් පාසල් කළමනාකාරීත්වය හා ජාත්‍යන්තරය ජයග්‍රහණයන්ට දායක වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.