නුගේගොඩ ලයිසියම් අන්තර්ජාතික පාසලේ 13 න් පහළ කි‍්‍රකට් නායකයාව සිටි දෙව්මින් ද අල්විස් මේ දිනවල බි‍්‍රස්බේන් නුවර උතුරු විස්ල්ස්ටන් කි‍්‍රකට් කී‍්‍රඩා සමාජය වෙනුවෙන් කී‍්‍රඩා කරමින් හොඳ දස්කම් දක්වමින් සිටී. පිතිකරුවකු මෙන්ම කඩුලූ රකින්නකු වශයෙන් ඔහු දක්වන දස්කම් නිසා බි‍්‍රස්බේන් නුවර උතුරු කි‍්‍රකට් සංගම් පිල නියෝජනය කිරීමටද ඔහු තෝරා ගනු ලැබ ඇත.
උතුරු විස්ල්ස්ටන් කි‍්‍රකට් කී‍්‍රඩා සමාජයේ නායකත්වයද දරමින් එම කී‍්‍රඩා සමාජය ලබාගත් ජයග‍්‍රහණ කිහිපයක් වෙනුවෙන්ම විශාල දායකත්වයක් දැක්වූ දෙව්මින් ද අල්විස් ප‍්‍රධාන පෙළේ සය සාමාජික තරගාවලියක ශූරතාව දිනාගැනීම සඳහාත් තම කණ්ඩායම මෙහෙයවීය. බි‍්‍රස්බේන් නුවරදී පසුගියදා පැවැති සම්මාන ප‍්‍රදානෝත්සවයකදී උතුරු විස්ල්ස්ටන් කි‍්‍රකට් කී‍්‍රඩා සමාජයේ වඩාත්ම වටිනා කී‍්‍රඩකයා වශයෙන්ද දෙව්මින් සම්මාන දිනාගත්තේය.

දෙවිමින් සිය සම්මානය සමග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.