මේ මස 28 වැනිදා සිට නොවැම්බර් 6 වැනිදා දක්වා මලයාසියාවේදී පැවැත්වෙන 12 වැනි ලෝක වුෂු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා වුෂු කණ්ඩායම හෙට උදෑසන දිවයිනෙන් පිටත්ව යයි. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10 දෙනකුගෙන් සහ නිළධාරීන් දෙදෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට කී‍්‍රඩකයෝ 8 දෙනක් සහ කී‍්‍රඩිකාවෝ දෙදෙනක් ඇතුළත්ව සිටිති.
ඔවුන්ට අමතරව කපිල සභාපති මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, හේමන්ත රාජපක්ෂ මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙසත් තරගාවලියට එක්ව සිටිති.
ශ්‍රී ලංකාව 2000 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා 7 වරක් මෙම තරගාවලියට සහභාගීවී ඇති නමුත් මේ වන තෙක් එහි පදක්කමක් හෝ දිනා ගැනීමට අපොහොසත්ව තිබේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලද උපරිම ජයග‍්‍රහණය ලෙස සැලකෙන්නේ එක් තරග වාරයක තරගාවලියේ 6 වැනි ස්ථානය දක්වා පැමිණීමයි.
අද පැවැති අවසන් පුහුණු සැසියේදී කණ්ඩායමේ පුහුණුකරු කපිල සභාපති මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙවර තරගාවලියට සහභාගීවන කණ්ඩායම ඉතා ශක්තිමත්, දක්ෂතා අතින් පිරිපුන් කණ්ඩායමක් බවත්, කුමන හෝ පදක්කමක් දිනාගැනීම ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ බවත්ය.
තවදුරටත් අදහස් දක්වමින් අප හා එක්වූ වුෂු ජාතික පුහුණුකරු රුචිර බෝධිනාගොඩ මහතා කියා සිටියේ වුෂූ කණ්ඩායමට පුහුණුවීම් කටයුතු කිරීමට පවා ස්ථානයක් නොතිබුණ අවස්ථාවක, කී‍්‍රඩා අමාත්‍යවරයා මැදිහත්වී ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු කරගෙන යෑම සඳහා කී‍්‍රඩා
විද්‍යායතනයේ ශාලාවක් ලබාදීමත් සහ දිගු කාලයක සිට ඔවුන්ට පුහුවීම් සඳහා අවශ්‍යව තිබූ දුෂ්කර අභ්‍යාස සඳහා තාඔලූ පළසක්’ ලබාදීම නිසා පුහුණුවීම් කටයුතු ඉතා සාර්ථක අයුරින් සිදුකිරීමට හැකිවූ බවත්, ඒ වෙනුවෙන් කී‍්‍රඩා අමාත්‍යවරයාට තම කෘතඥතාව පළ කර සිටින බවත්ය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම (තාඔලූ අංශය)
ඞී. එම්. සුදේෂ් සෙනරත් (නාවික හමුදාව), ඞී. එම්. හසිත චමීර (යුද හමුදාව), ප‍්‍රභාත් මනුරංග (යුද හමුදාව)
ශී‍්‍ර ලංකා කණ්ඩායම (සන්දා අංශය)
ඩබ්. ලක්ෂ්මන් ගුණසේකර (යුද හමුදාව), ආර්. ජී. නයනානන්ද ශ්‍රී පේ‍්‍රමරත්න (යුද හමුදාව), ඞී. ඒ. ටී. සුරන්ජන් දුනුසිංහ (වේයන්ගොඩ වුෂු කී‍්‍රඩා සමාජය), එච්. පී. ශාලික සේනානායක (ගුවන් හමුදාව), එන්. අයි. ඞී. අබේරත්න (ගම්පහ වුෂු සංගමය), ඩබ්. පී. මලීෂා මදුමාලි (ගුවන් හමුදාව), කේ. ඒ. එන්. නිර්ෂිකා තිලකරත්න (යුද හමුදාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.