Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලේටන් කුසලාන බොක්සිං තරග අගෝ: 2 සිට

ලේටන් කුසලාන බොක්සිං තරග අගෝ: 2 සිට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලබන වසරේ (2018) ඕස්ට්‍රේලියාවේ ගොල්ඞ් කෝස්ට්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍යය මණ්ඩලයීය තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පළමු තේරීම් තරගාවලිය ලෙසද මෙවර ලේටන් කුසලාන තරගාවලිය නම් කර තිබේ.

අගෝස්තු මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා පස්වරු 3.00 සිට මූලික වටයේ තරග පැවැත්වෙන අතර 6 වැනිදා පස්වරු 3.00 සිට අවසන් මහ තරග පැවැත්වීමට නියමිතය. බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙ සඳහාම විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත තරග පැවැත්වේ.

මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකිය. ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී මාස් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කළ පී. වී. සපරමාදු දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, යුද හමුදාවේ කේ. ඒ. හංසිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

මෙවර තරගාවලිය සඳහා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, හෙළ, කැෂුවල්ලයින්, ලීනියා, සිලුවේටා, යුනිචෙලා, තුරුලි වැනි දිවයිනේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 ක් පමණ ඉදිරිපත්කර තිබේ.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.

 


අදහස් (0)

ලේටන් කුසලාන බොක්සිං තරග අගෝ: 2 සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.