Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලූම්බිණිය කඩුලූ 6 කින් ජයගනී

ලූම්බිණිය කඩුලූ 6 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කඳාන ද මැසනඞ්  විද්‍යාලය පරදවා ලූම්බිණි විද්‍යාලය කඩුලු 6 කින් ජය ගත්තේය. මෙම තරගය ද මැසනඞ්  විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයේ පළමු දිනය නිමාවන විට ද මැසනඞ් විද්‍යාලය දෙවන ඉනිමේදී කිසිවකු නොදැවී ලකුණු 72 ක් රැස්කරගෙන ලූම්බිණියට වඩා ලකුණු 15 ක් ඉදිරියෙන් සිටියද යළිත් වරක් මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ද මැසනඞ් පිලේ සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 151 ක් පමණි.

දෙවැනි වරටත් සාර්ථකවු ලූම්බිණි පන්දු යවන්නන් වූ තනුක දාබරේ සහ ජනිත් ඩයස් කඩුලූ 5 බැගින් ලබා ගනිමින් තම කණ්ඩායමට පහසු ඉලක්කයක් ලබා දුන්නේය.

චාමර නිශාන්ත නොදැවී ලබා ගත් ලකුණු 58ත් සමගින්  ඕවර 18.5 කදී කඩුලූ 4 ක් පමණක් දැවී තම ඉලක්කයට ලගාවීමට ලූම්බිණි ක‍්‍රීඩකයෝ සමත් වූහ.

 

ද මැසනඞ් විදුහල පළමු ඉනිම  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 118
(ළහිරු වික‍්‍රමසිංහ 40, ආකාශ් සේනාරත්න 34, කාවින්ද මනම්පේරී 18, තරුශාන් ගයන්ත 23/4, ජනිත් ඩයස් 22/3)

ලූම්බිණි විදුහල පළමු ඉනිම  ඕවර 32.3 කදී සියලූ දෙනා දැවී 175
(තනුක දාබරේ 77, මොහොමඞ් අක‍්‍රම් 33, චාමර නිශාන්ත 32, ශාලූක දීමන්ත 9/6, රුක්ෂාන් ප‍්‍රනාන්දු 47/3)

ද මැසනඞ් විදුහල දෙවන ඉනිම  ඕවර 46 කදී සියලූ දෙනා දැවී 151
(මල්ෂාන් ප‍්‍රනාන්දු 46, ආකාශ් සේනාරත්න 32, යොහාන් සිල්වා 18, තනුක දාබරේ 46/5, ජනිත් ඩයස් 38/5)

ලූම්බිණි විදුහල දෙවන ඉනිම  ඕවර 18.5 කදී කඩුලූ 4 ක් දැවී 95
(චාමර නිශාන්ත නොදැවී 58, රුක්ෂාන් ප‍්‍රනාන්දු 27/2)

 


අදහස් (0)

ලූම්බිණිය කඩුලූ 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.