ලූණුවිල ප‍්‍රදීප ක‍්‍රීඩා සමාජයේ 29 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ආරාධිත එල්ලේ තරගාවලිය මේ මස 27 වැනිදා පෙරවරු 10.00 සිට ලූණුවිල ප‍්‍රදීප ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ ප‍්‍රබලතම එල්ල කණ්ඩායම් වන කොටළග අරුණ, හැඳල සාගර, දළුවකොටුව ජනපද සහ සත්කාරක ලූණුවිල ප‍්‍රදීප යන කණ්ඩායම් හතර සහභාගි වෙති.
තරගාවලියේ ශූරයන්ට සහ අනු ශූරයන්ට කුසලාන සමගින් මුදල් ත්‍යාග පිරිනැමේ. ඊට අමතරව විශේෂ දක්‍ෂතා සඳහා ද ත්‍යාග පිරිනැමීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.